Sunday 16th of December 2018

දුම්රිය කෞතුකාගාරයේ ආදායම ලක්‍ෂ 12යි..සේවක පඩි වියදම ලක්‍ෂ 65යි..

2018 - 12 - 07       
feature-top
කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දී 2014 වසරේ දී නව දුම්රිය කෞතුගාරයක් ඉදි කළ ද වසර 04ක් යනතුරු එය නියමිත ආකාරයෙන් නඩත්තු නොවූ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංධානයේ සම කැ`දවුම්කරු ලාල් ආරියරත්න මහතා ස`දහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ‘‘යෝජිත දුම්රිය කෞතුකාගාරය රටට අවශ්‍ය ද?’’ යන තේමාව යටතේ කොළඹ ඉදි කෙරෙමින් පවතින ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදි කිරීම සහ ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගී වෙමිණිි’.

එහි දි වැඩිදුර අදහස් දැක් වූ ලාල් ආරියරත්න මහතා, ‘‘අපේ පෞරාණික එංජින් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරණ තත්ත්වයට පත් වුණා. ඒ අනුව ලංකාවේ තවත් රාජ්‍ය ආයතනයකින් අපට නොමිලේ ඔවුන්ගේ සීඑස්ආර් ව්‍යාපෘතියක් ලෙස කෞතුකාගාරයක් දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවෙලා පරණ කෞතුකාගාරය තිබෙන ස්ථානයේ ම නව කෞතුකාගාරය ඉදි කෙරෙමින් පවතිනවා’’

‘‘අනිවාරයෙන් ම මෙම කෞතුකාගාරය කොළඹ තිබිය යුතුයි. සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන්නේ කොළඹට. විශාල ආදායමක් මෙමගින් දෙපාර්තමේන්තුවට උපයාගන්න පුලූවන්කම තිබෙනවා. මෙහි සියලූ නඩත්තු කටයුතු කෞතුකාගාර මණ්ඩලයක් විසින් සිදු කරන අතර දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් වැය කරන්න සිදු වෙන්නේ නෑ. නමුත් මේ වනවිට කඩුගන්නාව දුම්රිය ස්ථානයේ පවතින කෞතුකාගාරය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් 2014 වසරේ ඉ`දලා ඉකුත් නොවැම්බර් මාසය දක්වා මසකට ආදායම රුපියල් ලක්ෂයයි. නමුත් එම කෞතුකාගාරයේ සේවකයින් 19 දෙනෙක් රාජකාරියේ යෙදී සිටිනවා. ඒ 19 දෙනාට අවම වැටුප රුපියල් 30,000.00ක් ලෙස ගත්තොත් මාසයකට රුපියල් 540,000.00ක් එම කාර්ය මණ්ඩලය ස`දහා වැටුප් වශයෙන් ගෙවන්න සිදු වෙනවා. මෙහි දී නඩත්තු වියදම ගැන කතා නොකර වැටුප් වශයෙන් ගත්තත් 540,000 ක මුදලක් අනිවාරයෙන් දෙපාර්තමේන්තුව ඔවුන්ට ගෙවනවා. මෙතන රාජකාරී කිරීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි පිරිසක් රු`දී සිටිනවා. ඒ අනුව වසරකට 6,500,000කට වඩා වැඩි මුදලක් ඔවුන්ට වේතන වශයෙන් ගෙවිය යුතුයි. එහෙත් දෙපාර්තමේන්තුවට ආදායම වශයෙන් වසරකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 12යි.

ඉදි කෙරෙමින් පවතින ජාතික දුම්රිය කෞතුකාගාරය දකුණු ආසියාවේ විශාලත ම සහ නවීණතම දුම්රිය කෞතුකාගාරය බවට පත්වන බවත් එහි වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලැබිය හැකි ආකාරයට පත් කර දෙන බවත් හෙතෙම එහි දී ස`දහන් කළේ ය.

එසේ ම මෙම මාධ්‍ය සාකච්ඡුාවට සහභාගී වූ ‘‘සුරකිමු දුම්රිය ව්‍යාපාරයේ’’ කැ`දවුම්කරු ඉන්දික රුවන් පතිරණ මහතා ද දහස් දක්වමින් කියා සිටියේ රටේ ආර්ථිකය ගොඩ නැගීම ස`දහා ප‍්‍රවාහනය ඉතා වැදගත් කාරණයක් බවත් පැලැස්තර් ගසා මෙම දුම්රිය සේවය වෙනස් කළ නොහැකි බවත් ය.

වැඩිදුර අදහස් ප‍්‍රකාශ කළ ඉන්දික රුවන් පතිරණ මහතා, ‘‘ මෙම ඉදි කරමින් පවතින කෞතුකාගාරය ස්ථානීය වශයෙන් ම දුම්රිය කෞතුකාගාරයක්. මෙම ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසා එය කිසිවෙකුටත් අයිති වෙන්නෙ නෑ. ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවේ, එංජින් මේ සිියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඒ නිසා කිසි කෙනෙකුට මේක පවර ගන්න බෑ. කෞතුකාගාරය හදන්නේ නාවික හමුදාවේ ඉංජිනේරුවරු. ගොඩනැගිලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නෑ. මැදිරි 48ක් ස්ථාපිත කළ හැකි ආකාරයට මේ කෞතුකාගාරය හදලා තියෙනවා. මේ වෙලාවේ වාශ්ප එංජින් 05ක් 06ක් හදාගෙන යමින් සිටිනවා. වෙනත් ඕනෑම ස්ථානයක කෞතුකාගාරයක් හදන්න පු`ඵවන්. නමුත් ප‍්‍රශ්නේ තියෙන්නේ එය ස්ථානයට කොතරම් දුරට ගැලපෙනවා ද යන්න කියන කාරණයයි.’’ යනුවෙන් පැවසී ය. (under the courtesy of lankacnews.com news web)

More News »