Sunday 16th of December 2018

අධිකරණය නොමග යවලා..! F&G තැන්පත්කරුවන් කබලෙන් ලිපට..

2018 - 12 - 07       
feature-top
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතින ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අධිකරණය නොමග යවලා! F&G තැන්පත්කරුවන් කබලෙන් ලිපට. බළධාරීන් නිහඩයි!

සෙලින්කෝ සමාගම යටතේ පැවැති F&G Real Estate සමාගම සහ F&G Property Developers සමාගම 2008 වසරේදී වසා දැමුනු අතර එහි මුදල් තැන්පත් කර තිබූ තැන්පත් කරුවන්‌ගේ සංඛ්‍යාව 7000 කට ආසන්න අතර ඔවුන් තැන්පත් කර තිබූ මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.7 කි. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බිද වැටීමත් සමගම එහි මුදල් තැන්පත් කරුවන් හට තමන් වෙහෙස මහන්සියෙන් ඉපයූ මුදල් හා තමන්ට මෙතෙක් ලැබුනු පොලී මුදල අහිමි විය.බහුතරයක් තැන්පත් කරුවන්ට ඉතිරිව තිබූ සකල සේසත වූයේද එම සමාගමේ තැන්පත් කල මුදල්ම වන නිසා සියලුම තැන්පත් කරුවන් එකතු වී තම මුදල් ලබා ගැනීම සදහා තැන්පත්කරුවන්ගේ සංගමයක් පිහිටුවා ගන්නා ලදී.(F&G Depositors Association)

එම සංගමය විසින් තම මුදල් ලබා ගැනීම සදහා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළබි අතර ඒ අනුව 2009 වසරේදී ශ්‍රේෂ්ධාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. (S.C. FR 317/2009) ශ්‍රේෂ්ධාධිකරණය විසින් F&G Real Estate සමාගම සදහා සහ F&G Property Developers සමාගම සදහා භාරකාර අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන ලදී. වසර දෙකක් ගත වී මෙන් අනතුරුව උක්ත සමාගම් දෙක සදහා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන ලදී. 2012 වසරේදී අධිකරණයේ උපදෙස්මත එම සමාගම් දෙක පවත්වා ගෙන ගොස් තැන්පත්කරුවන්ට මුදල් ආපසු ලබා දීම සදහා වන වැඩපිළිවෙලක් සකසන ලෙස මහ බැංකුවේ මුල්‍ය පාලන අංශයට උපදෙස් ලබා දෙන ලදී.  F&G Real Estate සමාගමේ සහ F&G Property Developers සමාගම වසා දමන විට එහි තිබූ වත්කම් වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්නය.

මහබැංකුව විසින් අධිකරණය වෙත දැන්වූයේ F&G Real Estate සමාගමේ තැන්පත්කරුවන්ට 61% ක මුදලක් සහ F&G Property Developers සමාගමේ තැන්පත්කරුවන්ට 51% ක මුදලක් නැවත ගෙවිය හැකි බවයි. එම මුදල ගෙවා දැමීම සදහා සහ සමාගම් දෙක පවත්වා ගෙන යාම සදහා අධිකරණයේ උපදෙස් මත මහබැංකුව විසින් ආයෝජකයෙකු සොයා ගැනීම සදහා 2017 නොවැම්බර් 20 දින  ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන ලදී. අදාල දැන්වීමට අනුව ආයෝජනය සදහා කැමැත්ත පළකරමින් සමාගම් හතරක් අයදුම්පත් ඉදිරිපත් කරන ලදී. එම සමාගම් වන්නේ

01.JMC Ltd, Japan

02.HWI saltwater Holdings

03.NLH Holdings

04.Lemuria Impex

මහ බැංකුව විසින් තාක්ෂණික ඇගයීමක් සිදුකර සුදුසු සමාගම් දෙකක් තෝරා ගත් අතර විවිධ අඩුපාඩු නිසා සමාගම් දෙකක් ඉවත් කරන ලදී. ඔවුන් විසින් ඉවත් කරන ලද සමාගම් දෙක වන්නේ  LH Holdings සහ Lemuria Impex  සමාගම්ය.මහබැංකුව විසින් අනුමත කරන ලද  JMC Ltd, Japan සහ  HWI saltwater Holdings සමාගම් දෙක පිළිබදවඅධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී. අධිකරණය උපදෙස් දෙන ලද්දේ එම සමාගම් දෙක අතරින් සුදුසු සමාගමක් තෝරා ගන්නා ලෙසයි. කෙසේ වෙතත් අධ්‍යක්ෂක මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සුදුසු සමාගමක් තෝරා ගැනීම සදහා විගණන සමාගමක උපදෙස් ලබා ගැනීමට අවසර දෙන ලෙසයි. ඒ අනුව ඒ සදහා KPMG නම් විගණන සමාගම තෝරා ගන්නා ලදී.

එම මූල්‍ය සමාගම තාක්ෂණිකව සුදුසුකම් සහික එක් සමාගමක් තොරා ගැනීම සදහා ක්‍රියා       කරද්දී  මහ බැංකුව විසින් සුදුසුකම් නොමැති නිසා ඉවත් කරන ලද NLH Holdings සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සමාගමටද නැවත අවස්ථාවක් ලබා දෙන ලෙසයි. ඒ සදහා අධිකරණයේ අවසරය ලබා දෙන ලදී. NLH Holdings සමාගම විසින් මෙම ආයෝජනය සදහා වෙනත් සමාගමක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. එම සමාගම වන්නේ ZRA Holdings සමාගමයි.එම අවබෝධතා ගිවිසුමේ දැක්වෙන්නේ අදාල සමාගම් අතර මෙම ගනුදෙනු සිදුවන ආකාරයයි. තවද මෙම ආයෝජන අවස්ථාව තමන් වෙත ලැබුන හොත් මෙම සමාගම් දෙක ගිණුම් හා විගණන කාර්යය සදහා KPMG මූල්‍ය සමාගම වෙත භාරදෙන බවට ගිවිසගෙන ඇත.

මෙම සමාගමේ යෝජනාව KPMG මූල්‍ය සමාගම පිළිගන්නා අතර එසේ පිළිගැනීම සැක සහිත වන්නේ ZRA Holdings සමාගම සමාගම් මැදුරේ ලියා පදිංචි කර ඇති ලිපිනය වන්නේ අංක, 163, මුහන්දිරම් පාර, කොළඔ 03 යන්නයි. එහෙත් එම ලිපිනයේ ඇත්තේ හිස් ඉඩමකි. අදාල සමාගම සමාගම් මැදුරේ ලියා පදිංචි කර ඇත්තේ 2018 මාර්තු මාසයේය. එම සමාගමේ  අධ්‍යක්ෂක මණ්ඩලයට 2018 ජූලි මාසයේ NLH Holdings සමාගමේ සභාපතිවරයා වන දොන් රොෂාන් දුමින්ද මායාදුන්න නැමැත්තා  පත් කරනු ලබයි. ඒ කිසිදු කොටස් හිමිකාරිත්වයකින් තොරවය.දොන් රොෂාන් දුමින්ද මායාදුන්න කළමනාකාරීත්වය දරණ National Building  Society සමාගම  මීට පෙර Ceyhomes Institute of finance සමාගම පවරා ගත් සමාගමේ හිමිකරුවාය. එහිදී එම සමාගම තැන්පත්කරුවන් හට පොරොන්දු වී ඇත්තේ තැන්පත් මුදලින් පහෙන් එකක් හා කොටස් හිමිකාරිත්වය වසර පහක් ඇතුලත ගෙවා දමන බවට හා කොටස් හිමිකාරිත්වය ලබා දෙන බවය. දොන් රොෂාන් දුමින්ද මායාදුන්න එම ගිවිසුම කඩකර ඇති අතර 2018 අගෝස්තු මස වන විටත් තැන්පත්කරුන්ට මුදල්ගෙවා නොමැත.

පිළිගත් මුල්‍ය සමාගමක් මෙවැනි වංචාකාර පුද්ගලයෙකු අධ්‍යක්ෂක ධුරයක් දරණ සමාගමකින් හා ලියාපදිංචි කර වසරක්වත් ඉක්මවා ගොස් නැති සමාගමකින් F&G Real estate සහ F&G Property Developers තැන්පත්කරුවන්හට සාධාරණයක් ඉටුකල හැකියයි සිතීම විශාල ගැටලුවක් වන අතර එසේ කිරීම එම තැන්පත්කරුවන් කබලෙන් ලිපට ඇද දැමීමකි. නැතහොත් වක්කඩේ හකුරු හැංගුවා වැන්නක් විය හැක. මේ වන විට අදාල සමාගම් දෙකේ මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් කිහිපදෙනෙකු සියදිවි හානිකර ගෙන අවසන්ය. සමහර තැන්පත්කරුවන්හට එදිනෙදා ජීවත්වීමට නොහැකි වී අසරණව ඇත. තවත් සමහර තැන්පත්කරුවන් බෙහෙත් ලබා ගැනීමට මුදල් නොමැතිව මියගොස් ඇත. අධිකරණය නොමග යවමින් තවත් සක්විත්තෙකුට F&G Real Estate සහ F&G Property Developers සමාගමේ පාලනය ලබා දීමට ඉඩ කඩ විවර කිරීමට උත්සහ ගන්නා අධිකරණය විසින් පත් කරන ලද  අධ්‍යක්ෂක මණ්ඩලය හා KPMG විගණන සමාගමට විරුද්ධව මෙරට හුදී ජනයා සටන් කළයුතුව ඇත. එම සටනට අප සංවිධානය හෙට දිනයේ නායකත්වය ලබා දීමට සුදානම්ය. ඉතාම ඉක්මනින් F&G Real Estate සහ F&G Property Developers සමාගමේ පාලනය සුදුසුකම් ලත් සමාගමකට ලබා දීමට වගකිව යුත්තන් කටයුතු කල යුතු අතර එසේ කිරීමෙන් අසාධාරණයට ලක්වූ තැන්පතුකරුවන්හට සාධාරණයක් ඉටුකල හැකිය. එසේ කල යුතුවද ඇත. (under the courtesy of lankacnews.com news web)

More News »