Thursday 21st of March 2019

සිංහරාජ වනයේ අවසන් අලි දෙදෙනාගෙන් එක් අලියෙක් අතුරුදහන් දැයි සොයයි

2019 - 01 - 10       
feature-top
සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු අතුරුදහන් වී ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ පවසනවා.

මේ සම්බන්ධයේ පළ වූ වාර්තා පදනම් කර ගනිමින් නෙත් නිවුස් කළ විමසීමකදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඉකුත්දා අනාවරණ කළේ එම අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු අතුරුදන් වී ඇති බවයි.

කෙසේවෙතත් පරිසරවේදී ශෂිකලන රත්වත්තේ පෙන්වා දෙන්නේ අලි දෙදෙනා සම්බන්ධයෙන් නිරීක්ෂණයකින් තොරව පූර්ව නිගමනවලට එළඹිය නොහැකි බවයි.

සිංහරාජ වනාන්තරයේ ඉතිරිව සිටින අවසන් අලි දෙදෙනා වන මෙම සතුන් දෙදෙනා සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පරිසරවේදී ශෂිකලන රත්වත්තේ පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »