Sunday 20th of January 2019

රටම කතා කළ මහනුවර ගින්නේ සැගවුණු කතාව හෙළිවෙයි

2019 - 01 - 10       
feature-top
මහනුවර නගරයේ සියලූ ගොඩනැගිලිවල ප‍්‍රමිතිය සොයා බැලීමට තීරණය කර තිබෙනවා.

ඒ, දරුවන් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකුට තුවාල සිදු කරමින් ඉකුත්දා ගොඩනැගිල්ලක ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුවයි.

නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් පැවසුවේ එම දරු පවුල අදාළ ගොඩනැගිල්ලේ පදිංචිව සිට ඇත්තේ අනවසරයෙන් බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම ගොඩනැගිල්ලට වෙළඳ බලපත‍්‍රයක් ලබාදී තිබු බවත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තුළ පදිංචි වීම සඳහා අවසරයක් ලබාදී නොතිබූ බවත් නාගරික කොමසාරිස්වරයා සඳහන් කළා.

මහල් 06කින් යුත් එම ගොඩනැගිල්ලේ ගින්න හටගත් අවස්ථාවේ ඉන් පිටවීම සඳහා හදිසි දොරටුවක් නොතිබූ බවට ද වාර්තා පළ වුණා. ඒ පිළිබඳව ද සොයා බලන බවයි නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් කියා සිටියේ.

පොලිස් පරීක්ෂණ අවසන් වීමෙන් පසු මහනුවර නගර සභාව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබෙනවා. නාගරික කොමසාරිස්වරයා පැවසුවේ දරු පවුලක් අදාළ ගොඩනැගිල්ලේ ජීවත්වන බවට කිසිදු තොරතුරක් නොතිබූ බවයි. මෙම සිද්ධියත් සමග ඉදිරියේ දී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ව්‍යාපාරිකයින්ද දැනුවත් කරමින් නව වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බව මහනුවර නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »