Sunday 20th of January 2019

නව ව්‍යවස්ථාව ගැන යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට?

2019 - 01 - 10       
feature-top
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාවක් හෙට(11) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල ස්ථාවරයන් සඳහන් කරමින් ඒ ඒ  දේශපාලන පක්ෂ ලබාදී ඇති වාර්තා සැලකිල්ලට ගනමින් මෙම වාර්තාව සකස් කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් වු යෝජනාව ඊයේ(09) පැවැති පක්ෂ නායක රැස්විමට ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබදව පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසර ජයකොඩි මහතා මේ බව අනාවරණය කළේය.   

(under the courtesy of adaderana.lk news web)

More News »