නීතීඥ සංගමයේ නිලවරණයට නාමයෝජනා භාර ගැනේ

2019 - 01 - 10       
feature-top
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 2019 - 2020 කාලය සඳහා සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත්කර ගැනීම සඳහා වන නිලවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද(10) සිදු කෙරුණා.

ඒ නීතීඥ සංගම් මූලස්ථානයේදීයි. ඒ අනුව මෙවර සභාපතිධූරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන මහින්ද ලොකුගේ නාමයෝජනා භාර දී තිබෙනවා.

එම සංගමයේ ලේකම්ධූරය සඳහා නීතීඥ කෞශල්‍ය නවරත්න සහ නීතීඥ සමන් වැලිඅංගේ නාමයෝජනා භාර දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ශ‍්‍රි ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පෙබරවාරි 20වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

  (under the courtesy of nethnews.lk news web)

More News »