Sunday 20th of January 2019

ඌවේ අලුත් ආණ්ඩුකාරට මහ ඇමතිගෙන් මරාගෙන මැරෙන විරෝධයක්.ඉවත් නොකලොත් මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි.

2019 - 01 - 11       
feature-top
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 04 වැනිදා පත්කරන ලද රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාට එම පළාත් මහ ඇමතිවරයා වන චාමර සම්පත් දසනායක මහතා ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා වෙනත් තැනකට යොමු නොකරන්නේ නම් ඌව පළාත් සභාවෙන් ඉවත් නොකරන්නේ නම් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යයි වූයේ මහ ඇමතිවරයා කියා සිට ඇතැයි ද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඔහු දකුණු පළාත් සභාවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර දකුණු පලාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා ඌව පලාත් සභාවට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම දැඩි විරෝධයට හේතුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය කාලයේ දී ආන්දෝලනයකට ලක්වූ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධිය මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විරෝධය දක්වමින් පෙනී සිටිමින් එහි ප්‍රධාන චූදිතයෙක් බව ඌව මහ ඇමතිවරයා පත්ව සිටීමත්ය. (under the courtesy of lankacnews.com news web)

More News »