Thursday 21st of March 2019

මුසම්මිල්ටත් සභාපති පුටුවක්?

2019 - 01 - 11       
feature-top
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙසින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පත් කිරීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඊයේ(10) උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා විය.

සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියද රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද ඊයේ පත් කර තිබේ.

මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර (09)වන දින පත් කර තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේදී අදාළ පත්විම් සිදු කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »