Saturday 19th of January 2019

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා පොලීසියට බලපෑම් කර බලෙන් නිදහස් කරලා..!

2019 - 01 - 11       
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ  සහෝදරයා ගංජා සමඟ අත්අඩංගුවට පත් වූ බවත් පසුව පොලිසියට බලපෑම් කර නිදහස් කර  ගැනුනු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

-අද උතුරේ තියෙන්නෙ එක නීතියක්. සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ රියැදුරාගේ සහෝදරයා ගංජා සමඟ අත්අඩංගුවට පත් වුණා. එතුමා පොලිසියට බලපෑම් කරලා ඒ අය නිදහස් කර ගත්තා. මේකද රටේ නීතිය?...

...අද සුමන්තිරන් රටේ නොනිල අගමැති වගේ හැසිරෙන්නෙ. ආණ්ඩුව මේ ගැන කතා කරන්නෙ නෑ. එතුමාගේ රියැදුරාගේ සහෝදරයා ගංජා සමඟ ඇල්ලුවාම එතුමා ඒ පළාතේ ඩී.අයි.ජී.ට බලපෑම් කරනවා. එහෙම කතා කරන්න එතුමට ඒකට බලයක් ආවේ කොහොමද? කවුද එහෙම කතා කරන්න බලයක් එතුමට දුන්නෙ?

එහිදී එම්.ඒ. සුමන්තිරන් මහතා වීරවංශ මහතාට පිළිතුරු දුන්නේය.

-මාධ්‍යයෙත් මේ ගැන වාර්තා වුණා. නමුත් මගේ නම සඳහන් කරලා තිබුණේ නෑ. නමුත් ඒකෙන් මා කියලා හැඟවෙනවා. මම ඒ ගැන ප්‍රකාශයක් කළා. මරදන්කේනි ප්‍රදේශයේදී ඇති වුණු සිද්ධියක් තමයි මේක. තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තා. එයට ගංජා සිද්ධියක් අදාළ නෑ. ඒ තරුණයො ළඟ ගංජා සිද්ධියක් නෑ. මම ඩී.අයි.ජී.ට කතා කළා. මම එතුමට කිව්වා මේ තරුණයො අත්අඩංගුවට ගැනීම ගැන. එතුමා හොයලා බලන්නම් කිව්වා.පස්සේ ඒ තරුණයො ගැන පරීක්ෂා කරලා නිදහස් කළා. පස්සෙ මට කතාවක් හැදුවා මම ගංජා සමඟ ඇල්ලූ තරුණයන් නිදහස් කරන්න බලපෑම් කළා කියලා. එය සම්පූර්ණ වැරැදියි.-

(under the courtesy of nethnews.lk news web)

More News »