Thursday 17th of January 2019

ප්‍රවේශමෙන්..!ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ මිනිසුන්ටත් බෝවෙන සුනඛ රෝගයක අවධානමක්

2019 - 01 - 11       
feature-top
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා නොවූ සුනඛ ඇස් නොපෙනීමේ රෝගයක් පැතිර යමින් තිබේ. මෙම රෝගය මිනිසුන්ට පැතිර යෑමේ ප්‍රවණතාවක් ද ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
 
 ටි්‍රපනසෝමා ලෙස නම් කරන මෙම රෝගය වැළඳුණ සුනඛයන් අලස ලෙස කාලය ගත කරන බවත් ඇස් සුදු පැහැ ගැන්වී නොපෙනී යෑමට ලක්වන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙම රෝගය අප්‍රිකානු මිනිසුන්ට ද වැළඳී ඇති බවට සාක්ෂි ඇති බවත්, නියම රෝග වාහකයා ටෙස්ට්ෆ්ලයි නමැති මැස්සකු වුව ද එම මැස්සා ලංකාව තුළ දක්නට නොලැබෙන බවත් හෙතෙම කීය. ලංකාවේ රෝග වාහකයා ලෙස කි්‍යුලෙක්ස් මදුරුවා හෝ කිසින් බග් නමැති රාත්‍රියට පමණක් සැරිසරන කෘමියා බවට සැක කරයි. මේ වනවිට ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණ පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලේ පවත්වන බව මහාචාර්යවරයා කියා සිටියේය.
 
 මේ රෝගය මෙරටින් ප්‍රථම වරට වාර්තා වූයේ බලංගොඩ ප්‍රදේශයෙන් ඉකුත් මාසයේදීය. ඉකුත් සතියේ එවැනිම රෝගිී තත්ත්වයෙන් පෙළෙන තවත් සුනඛයකු මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම සුනඛයින් දෙදෙනා මේ වනවිට පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් පර්යේෂණ හා ප්‍රතිකාර සිදු කරන බවත් ඔහු කීය. රෝගය වැළඳී ඇති සුනඛයන් රටේ කොතැනක හෝ දුටුවහොත් වහාම ළඟම සිටින පශු වෛද්‍යවරයාට ඒ බව දැනුම් දෙන ලෙසත්, මෙම රෝගය මිනිසුන්ට වැළඳීමට ඉඩ ඇති බැවින්, නිතර පිරිසිදුව සිටින ලෙසත් මහජනතාවට දැනුම් දෙන බව මහාචාර්ය දංගොල්ල මහතා පැවසීය.

(under the courtesy of nethgossip.lk news web)

More News »