Thursday 17th of January 2019

ජනපති ඉදිරියේ තවත් නව පත් කිරීම් කිහිපයක්

2019 - 01 - 11       
feature-top
නව කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඔවුන් දිවුරුම් දුන් බවයි.

ඒ අනුව රවින්ද්‍ර සමරවීර මහතා කම්කරු හා වෘත්තිය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දි ඇති අතර වී. රාධක්‍රිෂ්ණන් මහතා විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය  ධුරයේ දිවුරුම් දී තිබේ.

අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව දයා ගමගේ අමාත්‍යවරයාට හිමිව තිබූ අමාත්‍ය ධුරයේ සංශෝධනයක් ද සිදුව තිබේ.

ඒ අනුව ඔහුට මීට පෙර අයත්ව තිබූ කම්කරු හා වෘත්තිය සමිති සබදතා විෂය ඉවත් කර ඇති අතර ඔහුගේ නව අමාත්‍ය  ධුරය වන්නේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යධුරයයි.
(under the courtesy of adaderana.lk news web)

More News »