Thursday 17th of January 2019

වසර තුනහමාරකට පසු විපක්‍ෂ නායකට පණ එයි..ව්‍යවස්ථා යෝජනාව දැමූ අගමැති අනපේක්‍ෂිත ප‍්‍රතිචාර මහින්දගෙන්-Video

2019 - 01 - 12       
feature-top
සිංහලයන්ට වෙනත් ජාතියක් පාගාගෙන සිටීමට අයිතියක් නැති සේම වෙනත් කිසිදු ජාතියකට තවත් ජාතිකයක් පෑගීමට අයිතියක් නැති බවද හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් පළ කරමිනි.

ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් සියලු ජාතීන්ට එකඟ විය හැකි ආකාරයෙන් ගෙන ආ යුතු බවත් එසේ නොකළහොත් අසාර්ථක වනු ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

වසර තුනහමාරකට පමණ පසුව විපක්ෂ නායකවරයෙකු ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙය විය.

මීට පෙර සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා එම කාලයේ දී සැලකිය යුතු වටිනාකම යුත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් මැදිහත් වීමක් දක්නට නොලැබින.

(under the courtesy of lankacnews.com news web)

More News »