"හිස කෙස් වැඩීම පාලනය කරන රාසායනික ද්‍රව්‍යයක් ඇඳ ලඟ තිබිලා" මිත්‍ර හිමි නමගේ පන්සලට ආ පොඩි හාමුදුරුවෝ නිදි යහනේදීම අපවත් වෙයි..!

2019 - 01 - 12       
feature-top
කොට්‌ටුන්න සිරි දේවමිත්ත යෝගාශ්‍රමයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටි 23 හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක් නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වී තිබෙනවා. කුරුණෑගල, පිහිඹිය, උස්‌වාව ශ්‍රී සිද්ධාර්ථරාමයේ වැඩවාසය කළ උන් වහන්සේ පසුගියදා  සිය මිත්‍ර හිමිනමකගේ මිත්‍රත්වය මත සිරි දේවමිත්ත යෝගාශ්‍රමයට පැමිණ තිබෙනවා.

එහිදී අපවත් වූ දිනට පෙර දින (08 වැනිදා) උන්වහන්සේ හිසකෙස්‌ වැඩීම පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක්‌ ද ගෙන්වාගෙන ඇති බව සඳහන් වන අතර  එම හිමිනමගේ යහන අසල එම රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලය ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අපවත් වීම සම්බන්ධව සපුගස්‌කන්ද පොලිසිය මගින් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත අපවත් වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීමට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබෙනවා.

ඒ අනුව හිමි නමගේ අපවත් වීම සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. එස්‌. එන්. ප්‍රනාන්දු මහතා විසින් දේහයේ ඇතැම් කොටස්‌ වැඩිදුර පරීක්‌ෂණයට ලක්‌ කළ යුතුව තිබූ බැවින්  විවෘත තීන්දුවක්‌ ලබා දී  තිබෙනවා. (under the courtesy of nethgossip.lk news web)

More News »