අලුත් ආණ්ඩුකාරයාට විරුද්දව නැගෙනහිර හර්තාල්..පොලිස් බලඇණි සූදානමින්..

2019 - 01 - 12       
feature-top
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට විරෝදය පළ කරමින් ඊයේ දිනයේ මඩකලපුව දිස්ත්‍රික්කය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වින.

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි ප‍්‍රවාහන සේවා ගමනා ගමන කටයුතු අඩපණ වී තිබින.

මෙම ව්‍යාපාරය සංවිධානය කර තිබුනේ ‘නැගෙනහිර දෙමළ එකමුතුව’ නම් වූ සංවිධානයක් විසිනි.

එම සංවිධානය විසින් බෙදා හරින ලද පත්‍රිකාවක සඳහන් ව තිබුණේ හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් නැගෙනහිර පළාතේ ඉඩම් බෙදීමේදී දෙමළ ජනතාවට අසාධාරණයක් වන බවයි.

මෙම විරෝධතාවය දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයන්හි පැවැත්වුනද මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ වල ක්‍රියාත්මක වූයේ නැත.

තත්ත්වයට මුහුණ දීම සඳහා පොලිස් බලඇණි සූදානම් කර තිබුණද කලහකාරී කිසිදු සිදුවීමක් වාර්තා නොවීය. (under the courtesy of lankacnews.com news web)

More News »