Thursday 17th of January 2019

ජනාධිපති අපේක්‍ෂක සජිත්..පොදු අපේක්‍ෂකයන් එපා.. යෝජනාව එජාප කෘත්‍යාධිකාරියට..

2019 - 01 - 12       
feature-top
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සදහා පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කල යුතු යයි එජාප මන්ත්‍රිවරුන් පිරිසක් විසින් පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව සදහා එජාප මන්ත‍්‍රි පිරිසක් මෙන්ම පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික පිරිසක් ද කැමැත්ත පල කර ඇති බව සදහන්ය.

ඒ අනුව මෙම යෝජනාව එන සතියේදී පැවැත්වීමට නියමිත පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බවද එජාප ආරංචි මාර්ග කියා සිටී. (under the courtesy of lankacnews.com news web)

More News »