76ක් අත්අඩංගුවට.. 54ක් රිමාන්ඩ්.. ඇප මහාධිකරණයකින් පමණයි..

2019 - 05 - 15       
feature-top
ආසන්න දින කිහිපයෙ දී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 76 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
ඉන් 54 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දා දක්වා රිමාන්ඩ් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම සැකකරුවන්ට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බවත් ඔවුන් වරදකරුවන් වුණොත් වසර දහයක කාලයක සිර දඬුවම් ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. (under the courtesy of lankacnews.com news web)

More News »