හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට ගිය සැකකරු යළි රිමාන්ඞ්

2019 - 06 - 11       
feature-top
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු වූ තම ඥාති පුත්‍රයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 18වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොහොමඞ් සිෆාන් නැමැත්තෙක්. සැකකරු මජීඞ් මොහොමඞ් නියාස් නැමති සිය පුත්‍රයා ඇපමත මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. අත්තිකාරමක් ලෙස ඉන් රුපියල් ලක්ෂ දෙකහමාරක්, හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනුනේ ඉකුත් මැයි මස 5වනදායි.

(under the courtesy of nethnews.lk news web)

More News »