කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුවියකට පිහි ප්‍රහාරයක්

2019 - 06 - 13       
feature-top
කැළණිය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ අද (13) පෙරවරුවේ සිදුවූ පිහි ඇනුමකින් ශිෂ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසර ශිෂ්‍යාවන්ගේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ආසන්නයේ මෙම පිහි ඇනුම සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තුවාල ලබා ඇත්තේ විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසරේ ඉගෙනුම ලබන සිසුවියක්. පේ‍්‍රම සබදතාව මුල් කර ගනිමින් මෙම පිහි ඇනුම සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

තුවාල ලැබූ ශිෂ්‍යාව කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා රාගම ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පිහිඇනුම සිදුකර ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු බවත් සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »