අමෙරිකානු ජාතිකයින්ට මෙරට ඉඩම් පරීක්‍ෂා කිරීමට අවසර දෙන්නේ කවුදැයි ප්‍රශ්නයක්

2019 - 07 - 09       
feature-top
අමෙරිකානු එක්සත් ජනපදයේ පිරිසක් මෙරට ඉඩම් පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ ප‍්‍රශ්න කරනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතිකයින් පිරිසක් යාපනයේ ඉඩම් පරීක්‍ෂා කිරීම සිය අනුමැතිය යටතේ සිදු නොවූ බවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මේ වනවිටත් ප‍්‍රකාශ කර ඇති බවයි.

ඒ අනුව එලෙස ඉඩම් පරීක්‍ෂා කිරීම සඳහා අවසර දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැයි මන්තී‍්‍රවරයා ප‍්‍රශ්න කර තිබෙනවා.

එසේ නොවන්නේ නම් අමෙරිකානු ජාතිකයින්ට මෙරට ඉඩම් පරීක්‍ෂා කිරීම සඳහා අවසර ලබාදෙන්නේ කවරෙකු විසින් දැයි නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා සිය ට්විටර් සටහන මගින් වැඩිදුරටත් ප‍්‍රශ්න කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »