පූජිත්ට සහ හේමසිරිට ඇප

2019 - 07 - 09       
feature-top
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණය අද (09) තීරණය කළා.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මතයි.

පූජිත් ජයසුන්දර නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර හේමසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගැණුනේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටියදීයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අද (09) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණු අතර ඊට අනුව අද දිනයේ යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී මෙලෙස ඇප හිමිවුණා.

ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝග මතයි.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනීමැරුම් චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැලකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදු කිරීම යන චෝදනාව පවත්වාගෙන යාමට සාධාරණ කරුණු නොමැති බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඇප මත මුදා හරින බවද නියම කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »