"ජනපති කළ ඉල්ලීම ගැන 11 වැනිදා තීරණයක් ගන්නවා" - පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී

2019 - 07 - 09       
feature-top
ඇමති ධූරවල කටයුතු කර ඉකුත්දා ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන්  යළි අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පවසනවා.

ඊයේ (08) රාති‍්‍රයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එම ඉල්ලීම කළ බවද ඒ සම්බන්ධයෙන් ලබන 11 වැනිදා අවසන් තීන්දුවක් ගන්නා බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් කොළඹ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් කියාසිටියේ අමාත්‍ය ධුර භාර ගැනීමට වඩා තමන්ට රටේ සහජීවනය වැදගත් වන බවයි. (under the courtesy of nethnews.lk news web)

More News »