ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය නඩුවක තීන්දුවක් දෙන්න දින නියම කරයි

2019 - 07 - 09       
feature-top
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගොස්තු මස 08 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අද (09)  ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය  දින නියම කළා.

මෙම නඩුව අද දින  විනිසුරු සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බංඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරැදි සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කෙරුණා.

විත්තිකරුවන් විසින් මෙම අපරාධය 2014 වර්ෂයේ පෙබරවාරි මස 01 වැනි දා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 20 වැනිදා දා අතර කාලය තුළ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටි.

(under the courtesy of nethnews.lk news web)

More News »