උතුරේ ඡන්ද ශක්තිය ගැන පොහොට්ටුව යළිත් හිතයි

2019 - 08 - 15       
feature-top
උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු තවදුරටත් වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමෙන් පසුවයි. නැගෙනහිර පළාත තුළ දැනටමත් එහි ප‍්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට සාපේක්‍ෂව උතුරු නැගෙනහිර සිය මැතිවරණ ශක්තිය අඩු මට්ටමක පැවතීම හේතුවෙනුයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ වනවිට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ශක්තිය සියයට 30 ක් දක්වා අඩු වී ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවා. ඉතිරි සියයට 70 න් සියයට 30 ක ඡන්ද ප‍්‍රමාණයක් තමන් සතු කර ගැනීමට හැකිවනු ඇති බවටයි එම පෙරමුණ විශ්වාස කරන්නේ.

ඒ අනුවයි උතුරු නැගෙනහිරට වැඩි ශක්තියක් යොදා මෙලෙස සිය ප‍්‍රවර්ධන කටයුතු වැඩි කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

More News »