මහනුවර පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත‍්‍රය සිදු වේ

2019 - 08 - 15       
feature-top
මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත‍්‍රය අද (15) පෙරවරුවේ සාර්ථකව සිදු කෙරුණා.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල දිය කැපීම අද සිදුවුණේ මහවැලි ගගේ පේරාදෙණිය, ගැටඹේ තොටුපොලේදීයි.

එම අවස්ථාවටද විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. දිය කැපීමේ මංගල්‍යයෙන් පසු සිව් මහා දේවාලවල දේවාභරණ රැගත් රන් දෝලාවන් වැදපුදා ගැනීමට බැතිමතුන්ට එම ස්ථානයේදීම අවස්ථාව උදාකර දී තිබුණා.

පසුව ඒවා මහනුවර පුල්ලෙයාර් කෝවිළ වෙත රැගෙන යාමට නියමිතයි. එහිදී සිදු කෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුවයි දිවා පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

More News »