.
සීතලට, රස්නෙට sex කරන ගමන් love කරන හැටි දැනගන්න
සීතලට, රස්නෙට sex කරන ගමන් love කරන හැටි දැනගන්න - විඩියෝ



උපත් පාලන ක්‍රම අතරින් කොන්ඩම් වලට විශේෂ තැනක් හිමිවෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ එය මැතකාලීනව ඉහල ගිය ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීමට දායක වීම හා භාවිතය පහසු භාවිතයයි.

කොන්ඩමය යනු රබර් (ලේටෙක්ස්) වලින් සෑදු උපත් පාලන ක්‍රමයක් වන අතර මෙයට අවශ්‍යතාවය අනුව විවිධ ද්‍රව්‍යය මිශ්‍ර කර තිබීමටද පුළුවන්.

විවිධ කාලයට විවධ අවශ්‍යතා මතුවීමත් සමඟම නව ක්‍රමවේද උපයෝගී කරගනිමින් නව නිෂ්පාදන හදුන්වා දීමට කොන්ඩම් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගනු ලබනවා.

ශ්‍රී ලංකාව තුල වැඩිවශයෙන්ම භාවිතා වන කොන්ඩම් වර්ගය වන්නේ ලප්‍රීතිලය කොන්ඩම්ය. එම සමාගම විසින් මෙරට වෙළඳ පොලට පිවිසෙන්නේ 1973 වර්ෂයේයි.

ඔවුන් ඊයේ (01) පවතී මාධ්‍ය හමුවකදී නව කොන්ඩම් වර්ග දෙකක් වෙළඳ පොළට අලුතින් නිකුත් කරනු ලැබුවා. එය ඡරුැඑයස ්‍යධඔ සහ ඡරුැඑයස ඣධඛ ලෙස හඳුන්වා දීමට කටයුතු කළා.

උපත් පාලන කොපුවල වාසි මොනවාද?

මෙය අනෙකුත් උපත් පාලන ක්‍රම වලට සාපේක්ෂව කෙටිකාලීන උපත්පාලන ක්‍රමයක් ලෙස වඩා පහසු හා වඩා කාර්්‍යක්ෂම වී ඇත. එලෙසම මෙහි ඇති පහත් සඳහන් වාසි නිසා මෙය උපත් පාලන ක්‍රමයක් ලෙස වඩා වැදගත් වේ.

    පහසුවෙන් ලබා ගත ගැකිය

    මිල අවමය

    විශේෂිත දැනුමක් අවශ්‍යය නොවේ.

    සමාජ රෝග වලින් විශේෂ ආරක්ෂාවක් ලබාදේ.

උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද?

    නිසි පරිදි සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්න

    පලුදු වු ඒවා ඇත්නම් පැකට්‍ටුව සමගම ඉවත් කර දමන්න.

    භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.

    පැකට්‍ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිතා නොකරන්න. එමගින් කොපුවට හානි පැමිනිය හැකිය

    විවෘත කල පසු පළමුව ඉදිරිපස කොටස මඩක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.

    ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලදින්න.

කොන්ඩමයක් ඉවත් කිරීම (ඍැපදඩ්ක දෙ ක‍දබාදප)

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා උනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිලි තුලට නොදමන්න.

උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ.

නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිතා කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එබැවින් එවැනි ක්‍රියා මගින් වලකින්න.

විවිධ ස්නේහක භාවිතය.

කොන්ඩමය සමග නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතලත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

අප්‍රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

මෙයද නිසි මෙහි නිසි කාර්යක්ෂමතාව නැතිවීමට හේතු වී අත.


curtesy : sinhalalipi.com


.