Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  

හරියට දුක දැනුණොත්...

හරියට දුක දැනුණොත්...

සීතා පද්මිනී ලියනගේ

දුකයැයි අප පවසන්නේ දුක්-වේදනා ලෙස ඍජුවම අපට විඳීමට ලැඛෙන සංඥාවන්ටය. සම්මුති වශයෙන් අප සැපයැයි සිතා සිටින සංඥාවන්ද අවසාන වශයෙන් දුකක්ම බව පහදන මේ ලේඛිකාව පරම සුවය වෙත පිවිසෙන මග අපට දක්වයි. මෙහි මුල් කොටස ඉකුත් කලඛෙහි පළ විය.

බුදුන් වහන්සේ දේශනා කළ දෙවැනි ආර්ය සත්‍යය දුක්ඛ සමුදය හෙවත් දුක ඇති වීමේ හේතුවයි. චතුරාර්ය සත්‍යය පිළිබඳව පූර්ණ විස්තරයක් පළමු ධර්මදේශනයෙන්ම උන් වහනසේ පෙන්වා දුන්නා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තණ්හාව තුන් ආකාරයකට ඇති වෙනවා. නන්දි රාගය හෙවත් සිතේ ඇති වන බලවත් කැමැත්තෙන් යුතුව ඇස, කන, නාසය, දිව, කය, මනසට අරමුණු වන රූප, ශබ්ද ආදිය කෙරෙහි ඇලීම කාම තණ්හාවයි. භවයේ නැවත ඉපදෙමින් කාමයන් පිනවීමට ඇති කැමැත්ත භව තණ්හාවයි. නැවත ඉපදීමක් ඇතැයි සිතේ විශ්වාසයක් නැති නිසා මේ භවයේ ඇති තරම් කාම ආශාවන්වලින් තෘප්තිය ලැබීමට වෙහෙසීම විභව තණ්හාවයි. සසර ගමන නොනැවතී ඉදිරියට ගමන් කරන්නේ සත්ත්වයා තුළ ඇති මේ තණ්හාව නිසාමයි.

මේ තණ්හාව ශේෂ නොවී සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා ඇති එකම මාර්ගය බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ගිහි ජීවිත ගත කරන අයගේ සංවර වීම පිණිස පංච ශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම මෙහි පළමු පියවරයි. සතුන් මැරීම, සොරකම, වැරදි කාම සේවනය, මත්වතුර පානය ආදියෙන් වැළකීම නිසා කයින් සිදු වන අකුසල්වලින් වෙන් වෙනවා. ඒ වගේම සතුන් මැරීමෙන් වැළකීම නිසා යම් ප්‍ර‍්‍රමාණයක මෛත්‍රියක් සිතේ ඇති වෙනවා. අහිංසාවට සිත පුරුදු වීම නිසා යහපත් සිතිවිලි ඇති වෙනවා. සොරකමින් වැළකීම මගින් අපට නොදැනීම යම් ප්‍රමාණයක අනුනට රිදවීම නවතිනවා. සොරකම කියන්නේ තව කෙනෙක් අපහසුතාවකට, කරදරයකට පත් කිරීමක්. වැරදි කාම සේවනය, මත්වතුර පානය ආදියෙන් වැළකීම නිසා තම සිත පාලනය කරගැනීමේ හැකියාව දියුණු වෙනවා. බොරු කීමෙන් වැළකීම නිසා වචනයෙන් සිදු වන අකුසලය සීමා වෙනවා. මේ පංචශීලයට අමතරව ආජීව අෂ්ටමක ශීලය ආරක්ෂා කිරීමට පියවර ගැනීම වඩාත් යෝග්‍යයි. එයින් වචනයෙන් සිදු වන අකුසලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. බොරුව, කේළම, පරුෂ වචන, හිස් වචන... මේ සියල්ල නිසා සිදු වන්නේ පාපයක්මයි. කයින් සිදු වන වරදින් සහ වචනයෙන් සිදු වන වරදින් නිදහස් වුණත් සිත නිසා තමයි වඩාත්ම අකුසල් සිදු වන්නේ. ඒ නිසා ඒවා දක්වා තිඛෙන්නේ අකුසල මූලයන් හැටියටයි. අකුසල් ඇති වීමට ප්‍රධාන වන නිසා අකුසල මූල වශයෙන් දක්වා තිඛෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් ක්‍රියාත්මක වන්නේ සිතේමයි.

ඇස, කන, නාසය ආදිය නිසා කාම තණ්හාව ඇති වන්නේ සිතේමයි. භව තණ්හාව, විභව තණ්හාව ඇති වන්නේත් සිතේමයි. මේ ඉඳුරන් පිනවීම නිසා යම් තෘප්තියක්, ආස්වාදයක් ලැඛෙනවා. ආස්වාදයක් නොලැඛෙන කිසිම දෙයකට ආශාවක්, තණ්හාවක් ඇති වන්නේ නැහැ. අපේ නෑදෑ කෙනෙක්, අපේ පවුලේ කෙනෙක් මරණයට පත් වුණොත් එය අපට දුකක්. එසේ වන්නේ ඒ අය සමඟ එකට සිටීම අපට යම් ආස්වාදයක් නිසයි.

ඒත් අප නොදන්නා කෙනෙක් මැරුණොත් එය අපට දුකක් වන්නේ නැහැ. හේතුව ඒ අය සමඟ අප ලැබූ කිසිම සතුටක්, ආස්වාදයක් නැති නිසයි.

ලෝභය සහ ද්වේෂය කියන චිත්ත සංස්කාර ඇති වන්නේ ඇස, කන, නාසය ආදියට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ ආදි අරමුණු නිසාමයි. ඒ අරමුණු කෙරෙහි ඇති වන ඇලීමෙන් ගැටීමෙන් පහළ වන සිතිවිලි නිසා තණ්හාවත්, තරහවත් දෙකම ඇති වෙනවා. ර්‍ණසළායතන පච්චයා ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා උපාදානං. මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ මෙය දක්වා ඇති ආකාරයයි. ආයතන හයට එන අරමුණු මනස සමඟ ස්පර්ශ වීම නිසා ඇති වන සතුට, දුක මෙන්ම උපේක්ෂාව යන වේදනා තුනම කෙරෙහි තණ්හාව ඇති වෙනවා. වේදනාව විඳීමට ඇති තණ්හාව (ආශාව) නිසාම එය උපාදාන කරනවා∙ සිතින් තවතවත් බැඬෙනවා. සිතේ ඇති බලවත් කැමැත්ත තමයි නන්දිරාගය කියන්නේ. උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති. උපාදානය නිසා කර්ම භව සකස් වෙනවා. නැවත උපතක් ලැබීමට හේතු වන්නේ කර්ම භව සකස් වීමයි. මැරෙන මොහොතේ ඇති වන අවසාන සිතිවිල්ලට අනුව එහි විපාක සිත වශයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය නැවත කොතැන හෝ පහළ වෙනවා.

සිතේ මේ විදියට කර්ම සංස්කාර ඇති වන්නේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නිසා කුසල් රැස් කරනවා∙ අකුසල් රැස් කරනවා∙ ධ්‍යාන සිත් (ආනේඤ්ඤ සංස්කාර) ඇති කරගන්නවා. අවිද්‍යාව දුරු කළ රහතන් වහන්සේලා මේ සියලු සිතිවිලි සංස්කාරවල යථා තත්ත්වය අවබෝධ කර ඇති නිසා චිත්ත සංස්කාර අත්හැර පිරිනිවීමට පත් වෙනවා. උන් වහන්සේලා ඇස, කන, නාසය ආදිය නිසා ලැඛෙන අරමුණු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ ප්‍රහීණ කර ඇති නිසා සළායතනවලින් ලැඛෙන අරමුණු සමඟ ස්පර්ශ වීමෙන් ඇති වන සතුට, දුක මෙන්ම උපේක්ෂා වේදනාව කෙරෙහි කිසිම තණ්හාවක් ඇති වන්නේ නැහැ. ඒ නිසා උපාදාන කිරීමට දෙයක් නැහැ. උපාදාන අත්හැරී ඇති නිසා කර්මභව රැස් වීම නවතිනවා. රහතන් වහන්සේලාට ඇති වන්නේ ක්‍රියා සිත් පමණයි. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නවතිනවා. කර්මභව රැස් නොවන නිසා ජාතිය (ඉපදීම) නැති වෙනවා. ඒ අනුව අවිද්‍යාව දුරු කළ රහතන් වහන්සේගේ නැවත උපතක් නැති බව අප තේරුම් ගත යුතුයි. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කිරීමෙන් සංස්කාර රැස් වීම නිරෝධ වෙනවා. සංස්කාර නැති වීමෙන් ප්‍රතිසන්ධියක් ලැබීමට විඤ්ඤාණයක් සකස් වෙන්නේ නැති වෙනවා. විඤ්ඤාණය සකස් නොවන නිසා නැවත නාම රූප (සිත කය) ඇති වීමක් නැහැ. හේතු ඵල ක්‍රියාවලිය නවතින ආකාරය බුදු පියාණන් මෙසේ දක්වා තිඛෙනවා.

ඇස, කන, නාසය ආදි ඉන්ද්‍රියන් සියල්ල මේ ශරීරය තුළ පිහිටා ඇති සතර මහා ධාතූන්ගෙන් සැදුණ, අනිත්‍යයට යන ස්වභාවය ඇති, දුක් ඇති කරන, අනාත්ම දෙයක්මයි. ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදියද අනිත්‍යයට යන, වහා වෙනස් වන දෙයක්මයි∙ දුක ලබා දෙන, අනිත්‍ය වූ, අනාත්ම වූ ධර්මතා පමණක්මයි. ඒ අරමුණු නිසා සකස් වන වේදනාවද මොහොතින් මොහොත වෙනස් වන, අනාත්ම වූ වේදනාමයි∙ දුක් ඇති කර දෙන, සසර දුකට හේතු වන, වේදනාමයි∙ සිතේ ඇති වන සියලු සිතිවිලි වහා වෙනස් වෙයි∙ නැති වෙයි∙ අනිත්‍ය වූ, දුක් ලබා දෙන, අනාත්ම වූ ධර්මයක් පමණයි. සිතිවිලිවලට ආශා කිරීම, උපාදාන කිරීම නිසා ඇති වන්නේ දුකක්මයි∙ සසර ගමන දික් වීමයි. සිතිවිලි පැවැත්වීමෙන් ඇති වන්නේ දුකක්මයි. සතුටින් ඇති වන සිතිවිලිත් නැතිව යනවා. ඒ වගේම දුක් වේදනා ඇති වන සිතිවිලිත් නැතිව යනවා. සියලු චිත්ත සංස්කාර ඇති වෙනවා∙ පවතිනවා∙ නැති වෙනවා∙ අනිත්‍යයට යනවා∙ දුක් ලබාදෙනවා. පාලනය කළ නොහැකි, අනාත්ම වූ සිතිවිලි සංස්කාර මම, මගේ සිතිවිලි වශයෙන් ග්‍රහණය කරගන්නවා∙ උපාදාන කරගන්නවා. සිතේ ඇති මුළාව නිසා අනිත්‍ය වූ, දුක් ලබා දෙන, අනාත්ම වූ චිත්ත සංස්කාර, නිත්‍ය වූ, ශුභ වූ, ආත්ම වූ දේවල් වශයෙන් උපාදාන කරනවා. මෙසේ උපාදාන කරන්නේ මෝහය හෙවත් මුළාව නිසයි. මෝහය අකුසල මූලයක් බව බුදු පියාණන් පෙන්වා දී තිඛෙනවා.

නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන පංචස්කන්ධ ධර්මවල ස්වභාවය අනිත්‍යයට යෑමයි∙ දුක් ලබාදීමයි∙ මම මගේ නොවන අනාත්ම ස්වභාවයයි. එහෙත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ ධර්ම ශුභ දෙයක් ලෙස දකින්නේ මුළාව නිසයි. සිතින් අයින් කළ යුතු, අත් හළ යුතු, පංචස්කන්ධ ධර්ම උපාදාන කරන්නේ මුළාව නිසයි. පංචස්කන්ධ ලෝකය තවදුරටත් පවත්වාගත යුතු දෙයක් හැටියට සිතන්නේ මෝහය නිසයි. ඉපදෙමින්, මැරෙමින් යන සසර ගමන ගැන බියක් ඇති නොවන්නේ සිතේ මුළාව නිසයි.

එනිසා සිතින්, කයින්, වචනයෙන් සිදු වන අකුසල්වලින් වැළකීමට අප ටිකෙන් ටික පුහුණු විය යුතුයි. මෙහෙම අකුසලයෙන් මිදී කුසලයෙහි සිත පිහිටුවාගැනීමට දරන උත්සාහය සම්මා වායාමයක් බවට පත් වෙනවා
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...  
Loading...