කොරෝනා යැයි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක්

.
2020 - 03 - 24       
feature-top
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් සමීපයට නොයා ආරක්ෂිතව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් පානදුර මුලීක රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් හදුන්වා දී තිබේ.

ඒ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත කුටියක රඳවා නව තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කැමරාවක් උපයෝගි කර ගනිමින් පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක්.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා සීඝ්‍ර‍යෙන් ව්‍යාප්තවීමත් එම රෝගීන් සඳහා ප්‍රතිකාර කීරිමෙහි නිරත වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩල වෙතද වෙරසය අසාදනයවීමේ වතාවරණයක් උද්ගත වී තිබේ.

එම තත්ත්වයට පිළියමක් ලෙස තම රෝහලට පැමිණෙන කොරෝනා වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් ආරක්ෂිත ලෙස පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පානදුර මුලීක රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

මෙම ක්‍රමවේදය ඔස්සේ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත විදුරු කුටියක් තුළ රඳවා වෛද්‍යවරුන් වෙනත් ස්ථානයක රැදී සිටිමින් රෝගියා පරික්ෂා කිරීම සිදුවනවා.

ඒ සඳහා වයිෆයි තාක්ෂණයෙන්  සම්බන්ධ කරන ලද කැමරාවක් උපයෝගි කරගනු ලබන අතර රෝගියාගේ රෝග ලක්ෂන සහ තොරතුරු විමසීමෙන් පසු වෛද්‍ය උපදෙස් නියම කරනු ලබන්නේ මෙම ක්‍රමවේදය ඔස්සේයි.

කෝවිඩ් - 19 වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් පැමිණි විට ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විශේෂිත ඇදුම් කට්ටල, හිස් ආවරණ, මුඛ ආවරණ සහ අත් වැසුම් වැනි ආරක්ෂිත උපකරණ පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් නිපදවනු ලබන්නේද එම රෝහලේම ස්ථාන 05කදි.

(under the courtesy of adaderana.lk news web)

More News »