News

කුරුණෑගල රෝගීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයේ රෝගීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක් හරහා පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ ඒකකය තාවකාලිකාව මුද්‍රා තැබූ බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සතියක පමණ කාලයක සිට මිය යෑමට පටන්ගෙන තිබුනා.

රෝහළේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එලෙස රෝගීන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

රුධිර කාන්දුකරණයෙන් අනතුරුව එම රෝගීන්ගේ රුධිර මට්ටම පහළ වැටී මෙම මරණ සිදුව ඇති අතර රුධිර කාන්දුකරණයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍යයක බලපෑමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවටයි විශවාස කෙරෙන්නේ රෝහලේ උද්ගත වී ඇති මෙම තත්ත්වය හමුවේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව මුද්‍රා තැබීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයද මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණ කණ්ඩායමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා අද දහවල් කුරුණෑගල රෝහලට යාමට නියමිතයි.

Scroll to Top