ආරච්චිකට්ටුව, කිරිවැල්කැළේ ප්‍රදේශයේ නිවසක ඊයේ (23) රාත්‍රියේ හටගත් ගින්නට බිලිවූ එම නිවසේ වාසය කළ 65 හැවිරිදි සිව්දරු මවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එම කාන්තාව සහ ස්වාමි පුරුෂයා පමණක් නිවසේ සිට ඇති අතර, 70 හැවිරිදි ස්වාමි පුරුෂයා ගින්නෙන් දිවි බේරාගෙන තිබෙනවා.
එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර අසල්වාසීන් කිහිපදෙනෙකුගේ ආධාරයෙන් නිවසේ ගින්න මැඩ පවත්වා ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිසිය සැක පළ කරන්නේ කුප්පි ලාම්පුවක් පෙරලී යාමෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවටයි.