News

පාසල් පොත් බෑගය නිසා දැඩි පීඩාවට පත්ව ඇති දරුවන්

පවතින අතිශය තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් එල්ල වන පීඩනයට අමතරව පාසල් සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ගැටලුවක් වී ඇත්තේ පාසල් පොත් බෑගයේ බරයි.

දීර්ඝ කාලීනව සිසු දරුවන් මුහුණ දෙන මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට මෙතෙක් කිසිවෙකුටත් හැකියාව ලැබී නැහැ.

මේ හිරු ප්‍රවෘත්ති ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂය ධාරාවන් පුළුල් වීමත් සමග මේ වනවිට පාසල් සිසු සිසුවියන්ට දිනපතා රැගෙන යාමට සිදුව ඇති පෙල පොත් සහ අභ්‍යාස පොත් සංඛ්‍යාවද බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා.

මේ පාසල් දරුවන්ට දෛනිකව පාසැල් රැගෙන යාමට සිදුව ඇති පොත් පත්වල තරමයි.

දීර්ඝ කාලයක සිට මේ ගැන සමාජයේ දැඩි කතාබහක් මතුව තිබුණත් අධ්‍යාපන බලධාරීන් ඊට පිළියම් සෙවීමට අසමත් වී තිබීම කණගාටුවට කරුණක්.

කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින්නේ මෙරට අනාගතය භාර ගැනීමට නියමිතව සිටින පාසල් සිසු සිසුවියන්.

මව්පියන්ද පෙන්වා දෙන්නේ, සිය දරුවන්ගේ පාසල් බෑගයේ බර හේතුවෙන් තමන්ටද ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මේ අතර, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොන්දේ අමාරුවට ගොදුරු වූ ළමුන් වෛද්‍ය සායනවලට පැමිණීම මේ වනවිට වර්ධනය වී ඇති බවයි.

කෙසේ වෙතත් පාසල් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් දරුවන්ට ඇතිවන ගැටලු යම් තරමකින් හෝ මගහරවා ගැනීමට පිළිගත් ක්‍රමවේදයන් ද පවතිනවා.

මෙරට අනාගතයේ උරුමකරුවන් මෙලෙස දීර්ඝ කාලීනව රෝගීන් වීමේ අවදානම මගහරවා ගැනීම සඳහා කඩිනමින් පිලියම් සෙවීම අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් නොවේද?.

Scroll to Top