News

කච්චතිවු ශාන්ත අන්තෝනි වාර්ෂික දේව මංගල්‍යයේ දෙවැනි දිනය අද

ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයින්ගේ සහෝදරත්වයෙන් යුතුව සමරනු ලබන කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඊයේ ආරම්භ වුණා.

2010 වසරේ සිට අඛණ්ඩ පැවැත්වෙන මෙම කච්චතිවු මංගල්‍යයට මෙවර ඉන්දීය ධීවරයින් සහභාගී වන්නේ නැහැ.

ඒ ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

කච්චතිවු දූපත මෙරටට අයත් දූපත් සමූහයේ එක් දූපතක් වන අතර ශ්‍රී ලංකාවට වඩාත්ම දුරින් පිහිටි දූපත වන්නේද කච්චතිවු දූපතයි.

කච්චතිවු දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යය ඊයේ පස්වරුවේ සාම්ප්‍රදානුකූලව ආරම්භ වුණා.

මෙවර කච්චතිවු දේව මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකිකයින් 4,500කට ආසන්න පිරිසක් එක්ව සිටිනවා.

කච්චතිවු ශාන්ත අන්තෝනී දේව මංගල්‍යට වාර්ෂිකව ඉන්දීය බැතිමතුන් 3,000කට ආසන්න පිරිසක් ද සහභාගී වනවා.

කෙසේ නමුත් මෙවර ඊට ඉන්දීය ජාතිකයින් එක්වී නැහැ.

ඒ, ශ්‍රී ලංකා මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදුකළ බව පවසමින් ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල්කර
ගනිමින්.

ඔවුන් මුදාහැරීම කටයුතු නොකිරීම හේතුවෙන් ඉන්දීය ජාතිකයින් මෙවර කච්චතිවු මංගල්‍යයට එක් නොවන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

කච්චතිවු ශාන්ත අන්තෝනි වාර්ෂික දේව මංගල්‍යයේ දෙවැනි දිනය අදයි.

Scroll to Top