News

අමෙරිකාව හා ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මෙරට සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචර්ඩ් වර්මා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ නිරීක්ෂන චාරිකාවකට එක් වෙමින්.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචර්ඩ් වර්මා මහතා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති වෙරලාරක්ෂක යාත්‍රාවක් වන SLNS විජයබාහු යාත්‍රාවේ නිරීක්ෂන චාරිකාවකට එක් වුණා.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මියද එක්ව සිටියා.

අමෙරිකානු රජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට සිව්වන යාත්‍රාව ලබාදීමට අදහස් කරන බව කොන්ග්‍රසයට දැනුම්දී ඇති බව මම නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්.

මේ සඳහා සහය දීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව විදේශ හමුදා මූල්‍යකරණය යටතේ ඩොලර් මිලියන 9ක් ලබා දී තිබෙනවා.


ශ්‍රී ලංකාවට ඉන්දීය සාගර ආර්ථික කලාපයේ මුර සංචාර වැඩි කිරීමටත්, සෙවුම් හා ගලවාගැනීමේ ප්‍රදේශ අධීක්ෂණය කිරීමටත් ඉන්දියානු සාගරයේ ගමන් කරන විවිධ රටවල නෞකාවලට අමතර ආරක්ෂාවක් ලබාදීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි එහිදී අවධාරණය කෙරුණේ

Scroll to Top