News

ආර්ථික මධ්‍යස්ථාන 6ක් ඉන්දීය සමාගමකට ලබාදීමේ සූදානමක් ගැන චෝදනාවක්

මෙරට ඇති ප්‍රධාන පෙලේ ආර්ථික මධ්‍යස්ථාන 6ක් ඉන්දීය සමාගමකට ලබාදීමේ සූදානමක් ඇති බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරනවා.

ඒ අනුව, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, ඇඹිලිපිටිය, වැලිසර සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස ඉන්දීය සමාගමකට ලබාදීමට සූදානම් වන බවයි කොළඹ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ.

මේ අතර, වී අලෙවි මණ්ඩලය සඳහා අවශ්‍ය මුදල් ලැබුණු පසු සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (23) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Scroll to Top