News

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගල්කිස්ස - බොරුපන ප්‍රදේශයේ දී අද (16) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු තම නිවසේ නිදන කාමරයේ නිදා සිටින අවස්ථාවේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Scroll to Top