News

පාසල් රග්බි ලීග් තරග සතියකින් කල්දැමේ

පාසල් රග්බි ලීග් තරග සතියකින් කල්දමා තිබෙන බව පාසල් රග්බි සංගමයේ සභාපති පවසනවා.

ඒ මෙවර අන්තර් පාසැල් රග්බි තරගාවලියේ නියමිතව තිබූ විද්‍යාර්ථ සහ ශාන්ත පීතර් විද්‍යාලය අතර තරග කල්දමා ඇති පසුබිමකයි.

අන්තර් පාසැල් රග්බි තරගාවලිය පසුගියදා රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැත්වුණා.

එසේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවැති තරගයේදී විද්‍යා ක්‍රීඩකයින් වාර්තා කළ උත්සහක දිනුමක් ලබා නොදීමත් සමග ක්‍රීඩකයින් හා විනිසුරුවරුන් අතර මතභේදාත්මක තත්ත්වය ඇති වුණා.

අදාළ සිදුවීමෙන් පසු විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරගයේ ප්‍රධාන විනිසුරු සහ පැති විනිසුරුවරුන්ට පහර දීමක් සිදුකළා.

මෙහිදී තුවාල ලැබූ විනිසුරුවරුන් හතර දෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගත්තා.

මේ සිදුවීම නිසා පැවැත්වීමට තිබූ තරග දින නියමයකින් තොරව කල්දමා තිබූ අතර අද මෙම තීරණය ගෙන තිබෙනවා.

Scroll to Top