News

චීනය ඉන්දුනීසියානු ධීවරයින් තිදෙනෙකුත් පැහැර ගනී

චීනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තායිවානය දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින අතර බලපෑම් ද එල්ල වෙමින් තිබෙනවා.

එලෙස දෙරට අතර අර්බුදය තවදුරටත් උත්සන්න වූයේ චීනය තායිවානයේ ධීවර යාත්‍රාවක් ඉකුත් අඟහරුවාදා බලහත්කාරයෙන් රැගෙන යාමත් සමගයි.

ඒ අනුව සිය ධීවර යාත්‍රාවක් අල්ලා ගැනීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් තායිවානයේ වෙරළාරක්ෂක බලකාය චීනයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ.

එමෙන්ම යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය වහාම නිදහස් කරන ලෙස ද තායිවානය වෙරළාරක්ෂක බලකාය චීනයෙන් ඉල්ලා සිටි බව තායිවානය පදනම් කරගත් Taiwan News වාර්තා කර තිබෙනවා.

ඩා ජින් මෑන් අංක 88 නමැති එම ධීවර යාත්‍රාවේ සිටි තායිවාන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙකු චීන වෙරළාරක්ෂකයින් විසින් අල්ලා ගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ, පැවසුවේ චීන හමුදා ගුවන් යානා 22 ක් සහ නාවික යාත්‍රා හයක් තායිවානය වටා ගමන් කළ බවයි.

Scroll to Top