රැඳවුම් නියෝග මත CID භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට නොගෙනෙයි

Base.lk 6:49 AM Technology

දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද පාර්ලිමේන්තුවට කැඳවීමට පක්ෂ නායක රැස්වීමේදි එකඟතාවයකට පැමිණියද එසේ නොකිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට විවාදය පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවද කතානායකවරයා සඳහන් කළා.

Similar Post You May Like

Recent Post

Blog Archive