නිධන් ජාවාරමක් ගැන CIA හෙළිදරව්ව (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කතරගම ප්‍රදේශයේ රජයේ රක්ෂිත කලාපයක සංවිධානාත්මක පිරිසක් නිධන් ජාවාරමක් සිදුකෙරෙන බව වාර්තාවනවා.

මේ කතරගම සාමගුලිය ප්‍රදේශයයි.

රජයේ රක්ෂිතයක් වන මෙම කලාපයේ සාමගුලිය වැව ආසන්නයේ මේ දිනවල නිදන් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මේ ඒම ප්‍රදේශයේ ගම්වාසියෙකු හිරු සී.අයි.ඒ.වෙත ලබාදුන් දර්ශනයි.

ඒම පුද්ගලයා මෙම නිදන් ජාවාරම පිළිබඳව සොයාබැලීමට පැමිණි බව සැළ වු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ඔහුට දුරකථනයෙන් තර්ජනය කර තිබුණා.

මේ තොරතුරු හෙළි වූ වහාම හිරු සී.අයි.ඒ කණ්ඩායම සාමගුලිය ප්‍රදේශයේ සිදුවන නිදන් ජාවාරම සෙවීම සදහා ඒම ප්‍රදේශයට පිටත් ව ගියා.

වන අලින් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන මෙම රක්ෂිත කලාපය මෙම නිදන් ජාවාරම සිදුවන්නේ ඇතැම් හේන් ගොවීන්ගේ ද ආධාර ඇතුවයි.

පිටස්තර පුද්ගලයින් මෙම ප්‍රදේහයට ලගාවන විට හෙන්ගොවීන් ඒම තොරතුරු ජංගම දුරකථන ඔස්සේ නිදන් ජාවාරම්කරුවන්ට ලබාදෙනවා.

අප ඒහි යනවිට නිදන් ජාවාරම්කරුවන් පළාගොස් තිබුණත් ඒ අවට ප්‍රදේශයේ ඊට සාක්ෂි දක්නට ලැබුනේ මෙලෙසින්.

මේ අපව ප්‍රදේශයට රැගෙන ගිය ඔතුත්කරු මෙහි පසුගිය කාලයේ සිද වු සිදුවීම් විස්තර කළ ආකාරයයි.

Similar Post You May Like

Recent Post

Blog Archive