ඇමති ගාමිණී ලොකුගේ බලපෑම් කළානම් එය වරදක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතු කොටගෙන හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ බලපෑම් කළේ නම් එය වැරදි ක්‍රියාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ සළකුණ සංවදාත්මක වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් සිදුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා.

එහිදී  සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ එවැනි දේශපාලන බලපෑමක් සිදුකිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.
   

Similar Post You May Like

Recent Post

Blog Archive