ඉන්දීය ධීවර යාත්‍රා 11කින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ 86ක් හරවා යැවේ

Base.lk 6:49 AM Technology

86 දෙනෙකු රැගත් ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට නාවික හමුදාවට අද හැකි වුණා. ඒ, පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදුකරනු ලබන විශේෂ මුර සංචාර අතරතුරදියි.

නීතිවිරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවදානයෙන් පසුවන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.



Similar Post You May Like

Recent Post

Blog Archive