අනුරපුර බැංකු කොල්ලය ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශණ ආරම්භ කරයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කර, එහි ආරක්ෂක නිළධාරියාට වෙඩි තබා පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් යොදවා විමර්ශණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

අනුරාධපුර නව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා අද උදෑසන 6.30ට පමණ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ තිබුණා.

එහිදී මුදල් තැන්පත් කිරීම සඳහා නිලධාරියෙකු බැංකුව අසළට පැමිණීමත් සමඟ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කොල්ලය සඳහා පැමිණි එක් අයෙකු බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන එම ගිනි අවියෙන්ම ඔහුට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් කොල්ලය අසාර්ථක වීමෙන් පසු කොල්ලකරුවන් යතුරුපැදියෙන් පළා ගොස් ඇති අතර, තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive