ගෑස් වංචාවක් ගැන කියන්න කබීර් ගෑස් ටැංකියක් රැගෙන මාධ්‍ය සාකච්ඡාවට එයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ගෑස් වංචාවක් සිදු වන බව හෙළි කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද ගෑස් ටැංකියක් රැගෙන  මාධ්‍ය සාකච්ඡාවට පැමිණියා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ රජය ජනතාවට හොරෙන් ගෑස් මිල වැඩි කර ඇති බවයි.

මීට පෙර බර අනුව කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෑස් ටැංකිය ලීටර්වලට හරවා කිලෝග්‍රෑම් නමයක් ඇති බව පෙන්වා දුන් නමුත් මෙය කිරා මැන බැලූ විට ගෑස් මිල සමග සංසන්දනය කළ විට 27% ක මිල වැඩිවීමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ලෝක වෙළෙඳ පොළේ විශාල ගෑස් මිල වැඩිවීමක් නැතිවද මෙවැනි දෙයක් කිරීම ජනතාව මුළා කිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම ගෑස් වල අඩංගු ද්‍රව්‍ය වෙනස් කළ බවට පෙන්වා ඇතත් එම රසායනික ද්‍රව්‍ය වෙනස් කිරීමෙන් ද මෙතරම් මිලක් වැඩි නොවන බව ඔහු කියා සිටිනවා.
 
පාරිභෝගික අධිකාරිය ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දිය යුතු නමුත් මෙය පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව  කරන මගඩියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive