ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම බරපතල තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත වෛද්‍ය ඔලිවියා නෙවරාස් ප්‍රකාශ කළා.

මෙරට තත්වය පිළිබඳ ඇය නිකුත් කළ වීඩියෝ පණිවුඩයක් උපුටා දක්වමින් බී බී සී සිංහල පුවත් සේවය මේ බව වාර්තා කළා.

එන්නත් ලබාදීමෙන් පමණක් ගැටළුවට විසඳුම් නොලැබෙන බැවින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි ඇය එමඟින් ඉල්ලා සිටියේ.

“ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථාන, අධිත තදබදයක් සහිත තැන්, එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වෙත යාමෙන් වැළකිය යුතුයි.

සමාජ දුරස්ථභාවය තබාගැනීම, කසින සහ කිවිසුම් හරින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, සබන් යොදා දෑත් සේදීම, මතුපිට පෘෂ්ඨ මත විෂබීජහරණය, නිවැරදිව මුව ආවරණ පැළඳීම සහ අසනීපයක් පවතින්නේ නම් නිවසේ නතරවීම යන මේ පුරුදු අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු වනවා.

අප මෙන්ම පවුල්වල සාමාජිකයන් සහ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට මේ නිර්දේශිත පුරුදු අනුගමනය කළ යුතුමයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදී තිබෙන වඩාත් අභියෝගාත්මක අර්බුදය මෙය වනවා.

ශ්‍රී ලංකාව ඇතුලු කිසිදු රටක් ඉන් ගැළවී නැහැ.

මේ රෝගීන්ගේ ඉහළ යාම බරපතල ලෙස ගත යුතුයි.

මම දන්නවා අපි බොහෝ දෙනෙකුට මහන්සියි, දරාගන්න බැහැ. මොකද වසරකට වැඩි කාලයක සිට අපි කොවිඩ් 19 සමඟ සටනක යෙදී සිටිනවා. කෙසේ වුවත් වඩා අභියෝගාත්මක කාලයට තවමත් පැමිණ නොමැති වෙන්න පුළුවන්. ”
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive