ගෙවුණු සතියේ කොවිඩ් නියුමෝනියාවෙන් 51ක් මරුට

Base.lk 6:49 AM Technology

අද දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා අසාදිතයින් 1305 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 18,832ක් දක්වා ඉහළ ගියා.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ ඉදිරියේදී දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,000 ඉක්මවා යාමේ අවදානමක් පවතින බවයි.

ගෙවුනු දිනයේ මෙරටින් කොරෝනා මරණ 14ක් වාර්තා වු අතර එය සැලකෙන්නේ මෙරටින් දිනක් තුළ වාර්තා වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙසයි.

ඉන් මරණ 10කටම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය වන අතර ගෙවුනු සතියේ මෙරටින් සමස්ත කොරෝනා මරණ 73ක් වාර්තාවනවා.

ඉන් මරණ 51 ක් සිදුව ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

රෝගීන් අඛන්ඩව වාර්තාවීම හේතුවෙන් අසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයේ සෑම ප්‍රධාන රෝහලකටම ඔවුන්ට වෙන්වු වාට්ටු සකස් කරන ලෙස දැනුම් දි ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන්කළා.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive