ඇෆ්ගනිස්ථානයේ බිම්බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් 11 දෙනෙකු ජිවිතක්ෂයට

Base.lk 6:49 AM Technology

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බිම්බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන රජය චෝදනා එල්ල කළේ තලෙයිබාන් සංවිධානයටයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ තලෙයිබාන් සංවිධානයේ නායකයන් කටාරයේදී ජගත් සංවිධාන නියෝජිතයන් සමඟ ඇෆ්ගනිස්ථාන සාම ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා වටයක නිරත වීමට පැය කිහිපයකට පෙරයි.

මේ වසරේ මුල් මාස 3 තුල ඇෆ්ගනිස්ථානයේ සන්නද්ධ ප්‍රහාර වලින් සිවිල් වැසියන් 1800 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive