ට්විටර් සමාජ මාධ්‍යය නයිජිරියාව තහනම් කරයි

Base.lk 6:49 AM Technology

නයිජිරියාව විසින් ට්විටර් සමාජ මාධ්‍යය සිය රටතුල තහනම් කිරීමත් සමඟ එය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නඩු පවරන බවට එරට බලධාරින් අනතුරු අඟවනවා.

නයිජිරියාව පසුගිය සිකුරාදා එම තීරණයට එළඹුනේ ජනාධිපති මුහම්මදු බුහාරිගේ ට්විටර් ගිණුමේ සටහනක් ට්විටර් සමාගම විසින් ඉවත් කිරීම හේතුවෙන්.

එම පළ කිරීම සිය සමාජ මාධ්‍යයේ ආචාර ධර්ම උල්ලංඝනය කරන බවයි ට්විටර් ප්‍රකාශ කළේ.

මේ අනුව, නයිජිරියාවේ ජංගම දුරකථන ජාල මගින් ට්විටර් සමාජ මාධ්‍යය වෙත ප්‍රවේශවීම වළක්වනු ලැබුව ද, ඇතැමුන් විකල්ප ක්‍රම ඔස්සේ ඊට සම්බන්ධ වන බව වාර්තා වනවා.

නයිජිරියානු සමාජ මාධ්‍ය පොදුවේ ව්‍යාජ පුවත් පතුරුවන බවට එරට රජය මීට පෙර සිටම චෝදනා කළා.

ට්විටර් සමාජ මාධ්‍යය ප්‍රකාශ කළේ නයිජිරියානු රජය පැනවූ තහනම පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි.

එමෙන්ම, එරට රජය නයිජිරියාවේ නිදහස් අදහස් පළ කිරීමේ අයිතිය උදුරා ගන්නා බවට ජාත්‍යන්තර සංවිධාන රැසක් චෝදනා කරනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive