online සොයන දරුවෝ (වීඩියෝ)

Base.lk 6:49 AM Technology



කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට අධ්‍යාපන කඩා වැටීමට ඉඩ නොදී එය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේ මෙරට දරුවන් දැනුමෙන් පොහොසත් කරලීමේ අරමුණින්.

එහෙත් අන්තර්ජාල පහසුකම මෙරට සිටින සෑම දරුවෙකුටම නිසි ලෙස ලැබේද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුවක් බව අප හිරු ප්‍රවෘත්ති හරහා අවස්ථා ගණවකදීම වාර්තා කළා.

එවැනි දුෂ්කරතා හමුවේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වෙර දරණ තවත් දරුවන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ වේලන්කටුව ගම්මානයෙන් වාර්තා වනවා.

වනඅලි තර්ජන ද හමුවේ දිවි ගෙවන  මෙම දරුවන් ජීවිත අවදානම නොතකමින් රාත්‍රී කාලයේ පැල් කරා යන්නේ ඇතැම් අවස්ථාවල මෙම වේලාවට ද online පන්ති පැවැත්වීම හේතුවෙන්.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන මෙම ගම්වැසියන් පැවසුවේ දරුවන් වෙනුවෙන් දුරකථනයක් පවා මිලදී ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව - උඳුරුව ගොවි ගම්මානයේ දරුවන් ද දුරකථන සංඥා නිසි ලෙස නොලැබීමෙන් පත්ව ඇත්තේ ද දැඩි අසීරුතාවකටයි.

මෙම ගම්මානයේ වැසියන් ගස් මත පැළ සාදා ඇත්තේ වනඅලින් එලවීමට නොව දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙනුයි.

දෙහිඕවිට - මුරුත්තෙටට්ටුවේ ගම්මානය ද ඇතුළු තවත් ගම්මාන 5ක දරුවන් මෙලෙස කඳු තරණය කරමින් දිව යන්නේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive