තායිවානයට ඇමෙරිකාවෙන් කොරෝනා එන්නත් හත්ලක්ෂ 50,000ක්

Base.lk 6:49 AM Technology

සිය අතිරික්ත කොරෝනා එන්නත් ලොව අනෙක් රටවල් සමග බෙදා දීමේ වැඩසටහන යටතේ තායිවානයට කොරෝනා එන්නත් මාත්‍රා 750,000ක් ලබාදෙන බව එරට සංචාරයක නිරත වන ඇමෙරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් ප්‍රකාශ කළා.

ඔවුන් අද තායිපේ නුවරදී තායිවාන විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

මිලියන 23 යි දශම 5 ක ජනගහනයක් සහිත තායිවානයේ මේ වනවිට කොරෝනා එන්නත් ලබා සිටින්නේ සියයට 3 කට අඩු ප්‍රතිශතයක්.

චීනයේ පසමිතුරු තායිවානය චීන කොරෝනා එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive