ඉරාකයේ ඇමෙරිකානු කඳවුරක් අසලදී ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලයි

Base.lk 6:49 AM Technology

ඉරාකයේ ඇමෙරිකානු හමුදා රැදී සිටින කඳවුරක් ආසන්නයේදී ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලූ බව ඉරාක හමුදාව පවසනවා.

ඉරාකයේ බටහිර දිග කාන්තාර ප්‍රදේශයේ මෙම කඳවුර පිහිටා ඇති බව සඳහන්.

ඩ්‍රෝන යානා බිම හෙලීම සඳහා ඇමෙරිකානු හමුදාවේ රෑම් ආරක්ෂණ පද්ධතිය යොදා ගනු ලැබූ බවයි ඉරාක හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට පැය කිහිපයකට පෙර බැග්ඩෑඩ් ගුවන්තොටුපලට එල්ල වූ රොකට් ප්‍රහාර කිහිපයක් ද මැඩ පවත්වා තිබෙනවා.

මේ වසර ආරම්භයේ පටන් ඉරාකයේ ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර 39 ක් එල්ල වී ඇති අතර, ඊට බෝම්බ ප්‍රහාර මෙන්ම, රොකට් ප්‍රහාර ද ඇතුළත්.

ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බව සැලකෙනවා.

ඇමෙරිකානු හමුදාවලට එරෙහිව ඩ්‍රෝන යානා යොදා ගැනීම කැරලිකරුවන් යොදා ගන්නා නව උපක්‍රමයක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive