ගිනිගත් නැව ගැන රනිල්,තේරීම් කාරක සභාවක් ඉල්ලයි - කපිතාන් හෙට අධිකරණයට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කරනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවා.

මේ අතර, නෞකාව හිමි සමාගමට එරෙහිව නඩු පවරන බවත්, එහි කපිතාන්වරයා හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවිති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, නැවේ වීඩියෝ දත්ත රෙකෝඩරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ නර තිබෙනවා.

නෞකාවේ කපිතාන්වරයා, ඉන්ජිනේරුවන් දෙදෙනෙකු, වරාය අධිකාරියේ නිළධාරීන් ඇතුලු ප්‍රකාශ ලබාගෙන ඇති සංඛ්‍යාව විසිදෙනෙක්.

මේ අතර, මියගිය කැස්බෑවන් හය දෙනෙකුගේ සහා ඩොල්ෆින් මත්සයෙකුගේ සිරුරක් අද වෙරළට ගොඩගසා තිබුණා.

ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල සහ පයාගල වෙරළ තීරයන්ට ඒවා ගොඩගසා තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive